සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි20 තරගාවලියේ තීරණාත්මක දෙවන තරගය ජය ගැනීමට පාකිස්තානය සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ තරග 3කින් සමන්විත තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ඔවුන්ට හැකි විය.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 215ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළේය. එම ඉනිම ශක්තිමත් කරමින් සාදාකත් පන්දු 51කින් නොදැවී ලකුණු 96ක් සහ නායක සාහිබ්සාදා ෆර්හාන් ලකුණු 73ක් ලබා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 133ක් පමණි. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 32ක් සහ චමිඳු වික්‍රමසිංහ ලකුණු 29ක් රැස් කළහ.

පාකිස්තාන පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ වූ අතර, මොහොමඩ් ඉම්රාන් ලකුණු 11කට කඩුලු 3ක් සහ සල්මාන් මිර්සා ලකුණු 28කට කඩුලු 2ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම පාලනය කළහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version