කොළඹ වරාය නගරයේ ආයෝජන කටයුතුවල නිරත වන පිරිස් ඉලක්ක කර ගනිමින් කප්පම් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ විශේෂ විමර්ශනයකින් අනතුරුවය.

පොලිසිය පවසන පරිදි, අත්අඩංගුවට ගත් සැකකරු චීනයේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබේ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version