සෞදි අරාබියේ සිරගතව සිටි ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

මෙම තීරණය පසුගිය 13 වන දින ලබාගෙන ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සිය නිල සමාජ මාධ්‍ය ගිණුම හරහා තහවුරු කළේය.

ශ්‍රී ලංකා රජය විසින් අඛණ්ඩව සිදුකළ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් සහ නීතිමය ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස මෙම සහනය හිමිව ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version