චීනය සහ උතුරු කොරියාව අතර ඉදිකර ඇති නව යාලු ගංගා පාලම අද (15) දින සිට වාහන ගමනාගමනය සඳහා නිල වශයෙන් විවෘත කිරීමට පියවර ගෙන තිබේ. දෙරට අතර පවතින වෙළඳ සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මෙම පාලම ඉදිකර ඇත.
මෙම නව පාලම චීනයේ දේශසීමා නගරයක් වන ඩැන්ඩොං සිට උතුරු කොරියාවේ සිනුයිජු දක්වා කිලෝමීටර් 3ක දුරක් පුරා විහිදේ. මෙය දෙරට අතර ගොඩබිම් මාර්ග ඔස්සේ සිදු කෙරෙන වෙළඳාම සඳහා ප්රධානතම මාවත බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මීට පෙර 2014 වසරේදී මෙම ව්යාපෘතිය දියත් කිරීමට සැලසුම් කර තිබුණද, දෙරට අතර පැවති රාජ්ය තාන්ත්රික සබඳතාවල සිදුවූ වෙනස්කම් හේතුවෙන් එහි ඉදිකිරීම් කටයුතු සහ රේගු පහසුකම් සැපයීම තාවකාලිකව නතර කිරීමට සිදුවිය.
චීන විදේශ අමාත්යාංශය පවසන්නේ මෙම පාලම දෙරටේ ජනතාව අතර හුවමාරුව සහ වෙළඳ කටයුතු පහසු කිරීම සඳහා ඉතා වැදගත් පහසුකමක් වනු ඇති බවයි. දශක ගණනාවකට පෙර ඉදිකරන ලද පැරණි චීන-කොරියානු මිත්රත්ව පාලමට විකල්පයක් ලෙස මෙම නව පාලම ඉදිකර තිබේ.
