කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (15) රාත්‍රියේ සිදුකළ වැටලීමකදී නීති විරෝධී ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ කොටුව පොලිස් වසමට අයත් ‘වන් ගෝල් ෆේස්’ සංකීර්ණයේ පිවිසුම් දොරටුව අසලදීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ 10, පංචිකාවත්ත ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි අයෙකු සහ හෙලමඩ, හපුගස්තැන්න ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකු බව පොලිසිය පවසයි.

සැකකරුවන් සන්තකයේ තිබී ශබ්ද විකාශන යන්ත්‍ර දෙකක්, ඇම්ප්ලිෆයර් එකක්, මයික්‍රෆෝනයක් සහ ඔවුන් ගමන් කළ කුඩා ලොරි රථයක් පොලිස් භාරයට ගෙන ඇත. එම ලොරි රථය තුළ වතුර බෝතල් සහ කුඩ විශාල ප්‍රමාණයක් තිබී හමුවී තිබේ.

කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් භාණ්ඩ කිරුලපන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version