ජනාධිපති අරමුදල මගින් විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහනේ තවත් අදියරක් අද (17) රජරට විශ්වවිද්‍යාලයේදී පැවැත්වේ.

මෙම වැඩසටහන යටතේ රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් 316 දෙනෙකු වෙත ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීමට නියමිත බව වාර්තා වේ. පසුගිය සැප්තැම්බර් 19 වන දින මෙම සිසුන් සඳහා අක්ෂි පරීක්ෂණ කටයුතු සිදු කෙරිණි.

බ්‍රිතාන්‍යයේ Stroud Rotary Club සහ Wish පදනමේ දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. විශ්වවිද්‍යාල සිසුන්ගේ අක්ෂි සෞඛ්‍යය නංවාලීමේ අරමුණින් මෙම වැඩසටහන රට පුරා විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි සිදු කෙරේ.

මීට පෙර මෙම වැඩසටහනේ දෙවන අදියර ඔක්තෝබර් 10 වන දින රුහුණු විශ්වවිද්‍යාලයේදී සාර්ථකව පවත්වා තිබුණි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version