මෙම වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලසීමාවට අදාළව විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකරන ලෙස ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම (NSO) විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත.

මුලින් 2.88% ක ගාස්තු වැඩිවීමක් සිදුකරන ලෙස ඉල්ලා තිබුණද, මහජන උපයෝගීතා කොමිෂන් සභාව සිදුකළ මූලික සමාලෝචනයකින් අනතුරුව එම ප්‍රතිශතය 1.46% දක්වා අඩුකළ හැකි බව හඳුනාගෙන තිබේ.

මෙම යෝජිත ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම මේ වන විට ආරම්භ කර ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පවසයි. ඒ අනුව, අදාළ පාර්ශ්වකරුවන්ට සිය අදහස් හා යෝජනා නොවැම්බර් 05 වැනිදා දක්වා ලිඛිතව ඉදිරිපත් කළ හැකිය.

මේ අතර, විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය පෙන්වා දෙන්නේ ඉදිරි මාසවලදී ජල විදුලි උත්පාදනය ඉහළ යාමට නියමිත බැවින් විදුලි බිල වැඩි කිරීම වෙනුවට බිල්පත් අඩු කිරීමට පියවර ගත යුතු බවයි. මහජන අදහස් විමසීමෙන් පසු පළාත් මට්ටමින් අදහස් විමසා අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version