2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත යටතේ, ඕනෑම පුරවැසියෙකුට රජයේ ආයතන සතු තොරතුරු ලබාගැනීමේ අයිතිය නීත්‍යානුකූලව හිමිව ඇත. මෙම අයිතිය තහවුරු කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය සිය ආයතනික විනිවිදභාවය සහ වගවීම ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තොරතුරු ලබාගැනීමට අපේක්ෂා කරන අයදුම්කරුවන්, නියමිත ‘RTI 01’ ආකෘති පත්‍රය හෝ විධිමත් ලිපියක් මගින් තොරතුරු නිලධාරියා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය.

මෙම ඉල්ලීම ලැබුණු පසු, අදාළ තොරතුරු ලබාදිය හැකිද යන්න තීරණය කර වැඩ කරන දින 14ක් ඇතුළත ප්‍රතිචාර දැක්වීමට තොරතුරු නිලධාරියා කටයුතු කරනු ඇත. යම් හෙයකින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප වුවහොත් හෝ නියමිත කාලසීමාව තුළ ප්‍රතිචාර නොලැබෙන්නේ නම්, අභියාචනා බලධාරියා වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඉල්ලුම්කරුට අවස්ථාව පවතී.

වැඩිදුර තොරතුරු සඳහා කොළඹ 01, ගාලු මුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලිඛිතව යොමු විය හැකිය. එමෙන්ම 011 235 43 54 යන දුරකථන අංකයෙන් හෝ අදාළ විද්‍යුත් තැපැල් ලිපින ඔස්සේ වැඩිදුර විමසීම් සිදුකළ හැකි බව ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දෙයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version