මධ්යම පළාත් ආණ්ඩුකාර වෛද්ය සුරංග ප්රනාන්දු මහතා විසින් පාතහේවාහැට ප්රාදේශීය සභාවේ කටයුතු සහ එහි සභාපතිවරයාගේ බලතල අත්හිටුවීමට තීරණය කර ඇත. 1987 අංක 15 දරණ ප්රාදේශීය සභා පනතින් ආණ්ඩුකාරවරයාට පැවරී ඇති නීතිමය බලතල ප්රකාරව, 2026 ඔක්තෝබර් 19 වැනි දින සිට මෙම තීරණය බලාත්මක වේ.
මෙම සභාවේ සභාපතිවරයා සහ මන්ත්රීවරුන් විසින් ප්රාදේශීය සභා පනත උල්ලංඝනය කරමින් යම් අක්රමිකතාවක් සිදුකර ඇත්දැයි සොයා බැලීම සඳහා මීට පෙර විශ්රාමලත් අධිකරණ නිලධාරී නිහාල් සුනිල් රාජපක්ෂ මහතා පත්කර තිබුණි.
අදාළ විමර්ශන කටයුතු තවදුරටත් ක්රියාත්මක වෙමින් පවතින අතර, එම පරීක්ෂණය අවසන් වන තෙක් සභාවේ බලතල මෙලෙස අත්හිටුවීමට පියවර ගෙන ඇත.
සභාවේ බලතල අත්හිටුවීමත් සමඟ, එම කාර්යයන් ඉටු කිරීම සඳහා මහනුවර දිස්ත්රික් පළාත් පාලන සහකාර කොමසාරිස් ඒ. ඩබ්. ජී. එල්. අත්තනායක මහත්මිය වෙත බලතල පවරා තිබේ. මෙම තීරණයට අදාළ විශේෂ නිවේදනය අංක 2511/09 දරණ අතිවිශේෂ ගැසට් පත්රය මගින් ප්රකාශයට පත් කර ඇත.
