ඉක්වදෝරයේ ගුවායාකිල් නගරයේ පිහිටි පර්පෙටුඕ සොකෝරෝ දේවස්ථානයේදී මෙම ඛේදජනක අනතුර සිදුව ඇත. අදාළ පූජකවරයා අන්තර්ජාලය ඔස්සේ සජීවීව විකාශය කෙරෙමින් පැවති දේව මෙහෙයකට නායකත්වය දෙමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

දේව මෙහෙය අතරතුර පූජකවරයා පිටුපස තිබූ විශාල ලී කුරුසිය හදිසියේම පෙරළී ඔහුගේ හිස මතට කඩා වැටෙන අයුරු සජීවී දර්ශනවල සටහන්ව ඇත. මෙම අනතුර හේතුවෙන් පූජකවරයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම සිදුවීම ලොව පුරා බොහෝ දෙනාගේ කම්පාවට හේතු වී ඇති අතර, අනතුරට ලක්වූ අවස්ථාවේ දර්ශන මේ වන විට අන්තර්ජාලය තුළ වේගයෙන් සංසරණය වෙමින් පවතී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version