1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී තම නොපසුබස්නා උත්සාහය සහ අධිෂ්ඨානය තුළින් ලෝක අවධානය දිනාගත් රණතුංග කරුණානන්ද මහතාගේ සේවය අගයමින් විශේෂ සමරු තැපැල් මුද්දරයක් නිකුත් කිරීම පසුගියදා ජනමාධ්ය අමාත්යාංශයේදී සිදු විය.
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් පැවති මෙම උත්සවයේ අරමුණ වූයේ ශ්රී ලංකාවේ ක්රීඩා උරුමය සුරැකීම සහ කරුණානන්ද මහතාගේ ආදර්ශමත් ජීවිත කතාව අනාගත පරපුර වෙත දායාද කිරීමයි.
1964 ඔලිම්පික් මීටර් 10,000 ධාවන ඉසව්වේදී අනෙකුත් තරගකරුවන් තරගය නිම කර තිබියදීත්, තමන් ආරම්භ කළ ගමන අත්නොහැර අවසානය දක්වාම දිව ගිය කරුණානන්ද මහතා ලොව පුරා “දිරිමත් පරාජිතයා” ලෙස ගෞරවයට පාත්ර විය. ජයග්රහණය යනු හුදෙක් ප්රථම ස්ථානය ලබාගැනීම නොව, භාරගත් වගකීම ධෛර්යයෙන් ඉටු කිරීම බව ඔහු එදා ලොවට පසක් කළේය.
අමාත්යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ කරුණානන්ද මහතාගේ මෙම වීර ක්රියාව ජපානයේ පාසල් පෙළපොත්වලට පවා ඇතුළත් කර ඇති බවයි. මෙම මුද්දරය නිකුත් කිරීම ශ්රී ලංකාව සහ ජපානය අතර පවතින සංස්කෘතික සබැඳියාව තවදුරටත් තහවුරු කිරීමක් බවද ඔහු පැවසීය.
මෙම අවස්ථාව සඳහා ජනමාධ්ය නියෝජ්ය අමාත්ය ආචාර්ය කෞෂල්යා ආරියරත්න, ශ්රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා ඇතුළු රාජ්ය නිලධාරීන් සහ කරුණානන්ද මහතාගේ පවුලේ සාමාජිකයන් එක්ව සිටියහ.
