චීනයේ Xizang ස්වායත්ත කලාපයට අයත් Nagqu නගරයේ Baqen ප්‍රදේශයේ ඊයේ (22) රාත්‍රියේ රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් සිදුවිය.

මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 46 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. තුවාල ලැබූවන් අතරින් 11 දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බවත්, 35 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බවත් බලධාරීන් පවසයි.

භූකම්පනයෙන් නිවාස 339ක් සම්පූර්ණයෙන්ම විනාශ වී හෝ දැඩි හානියට ලක්ව ඇත. ආපදාවට ලක්වූවන් වෙනුවෙන් චීන මහජන විමුක්ති හමුදාවේ බටහිර විධානය මගින් කඩිනම් සහන මෙහෙයුම් ආරම්භ කර තිබේ.

ආපදා තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් යානා යොදවා ඇති අතර, ප්‍රදේශයේ ස්ථානගතව සිටි හමුදා ඒකක වෙත කඩිනම් ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුකරන ලෙස උපදෙස් ලබා දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, ආපදාවට ලක්වූවන් නැවත පදිංචි කිරීම සහ ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම වෙනුවෙන් උපරිම කැපවීමකින් කටයුතු කරන ලෙස බලධාරීන්ට උපදෙස් දී තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version