බ්රිතාන්ය ගුවන් සේවය විසින් ශ්රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර සිය සෘජු ගුවන් ගමන් සේවා නිල වශයෙන් ආරම්භ කර ඇත. ඒ අනුව, එම සමාගමට අයත් මංගල ගුවන් යානය පසුගියදා ලන්ඩන් ගැට්වික් (Gatwick) ගුවන්තොටුපොළේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.
බොහෝ දශකයකට පසුව බ්රිතාන්ය ගුවන් සේවය මෙරටට සිය සේවාවන් නැවත ආරම්භ කිරීම විශේෂත්වයකි. මෙම නව ගුවන් ගමන් වාර මගින් දෙරට අතර සංචාරක සහ ව්යාපාරික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම ගුවන් ගමන් ආරම්භය ශ්රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්රයට සහ සංචාරක කර්මාන්තයට ලැබුණු නව පිටුවහලක් බව බලධාරීහු පෙන්වා දෙති. ඉදිරියේදී දෙරට අතර ගුවන් ගමන් වාර සංඛ්යාව සහ සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂිතය.
