තලල්ල වෙරළ තීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මත්ද්රව්ය බවට සැක කෙරෙන උර තොගයක් අද (24) උදෑසන සොයා ගැනීමට නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සමත්විය.
මෙම ඒකාබද්ධ මෙහෙයුම වෙරළාරක්ෂක බලකායේ සහ නාවික හමුදාවේ මැදිහත්වීමෙන් ක්රියාත්මක කෙරුණු අතර, සොයාගත් උරවල අඩංගු ද්රව්යවල ස්වභාවය සහ නිශ්චිත ප්රමාණය පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
සොයාගත් භාණ්ඩ මත්ද්රව්ය බවට තහවුරු කර ගැනීම සඳහා මේ වන විටත් අදාළ අංශ විසින් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.
