මිරිස්ස වෙරළ තීරයේ දියනාමින් සිටි විදේශිකයන් දෙදෙනෙකු දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටියදී කොටවිල පොලිස් ජීවිතාරක්ෂක ඒකකය විසින් බේරාගෙන ඇත.

මෙම අනතුර ඊයේ (24) දිනයේ සිදුවී ඇති අතර, අනතුරට ලක්වූවන් වයස අවුරුදු 22 සහ 48 යන වයස්වල පසුවන බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙකි.

දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටි ඔවුන්ව ක්ෂණිකව ක්‍රියාත්මක වූ ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් මුදාගෙන මූලික ප්‍රථිකාර ලබා දීමට කටයුතු කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොටවිල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version