පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කුකුළේ ගඟ ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසා එහි වාන් දොරටුවක් විවෘත කිරීමට ජලාශ භාර ඉංජිනේරුවන් පියවර ගෙන ඇත.

මේ අනුව, විවෘත කරන ලද වාන් දොරටුව හරහා තත්පරයට ඝන මීටර් 45ක ජල ධාරිතාවක් කුඩා ගඟට මුදා හැරෙමින් පවතී.

මීට අමතරව විදුලි උත්පාදන කටයුතු සඳහා තත්පරයට ඝන මීටර් 48ක ජල ධාරිතාවක් ද මුදා හරිනු ලබයි. ඒ අනුව මේ වන විට ජලාශයෙන් කුඩා ගඟට මුදා හරින මුළු ජල ධාරිතාව තත්පරයට ඝන මීටර් 93ක් බව ඉංජිනේරුවන් සඳහන් කරයි.

ගඟ දෙපස පහත් බිම්වල පදිංචි ජනතාවට සහ ගඟ භාවිතා කරන පුද්ගලයින්ට මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් වැඩිදුරටත් දැනුම් දෙයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version