පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ වැටලීමකදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද විදේශීය මත්පැන් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ලද රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සීදූව ප්‍රදේශයේදී සිදුකර තිබේ.

එහිදී ලීටර් එක බැගින් වූ විවිධ වර්ගයේ විදේශීය මත්පැන් බෝතල් 156ක් පොලිස් භාරයට ගෙන ඇත. මත්පැන් ජාවාරම සඳහා යොදාගත් බවට සැකකෙරෙන මෝටර් රථ දෙකක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් 42 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සීදූව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version