ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ලිංගික අපරාධ චෝදනා ලැබ සිටියදී මියගිය ජෙෆ්රි එප්ස්ටීන් අතර පැවති සබඳතා පිළිබඳව ඔහියෝ ප්‍රාන්තයේ පැවති දේශපාලන රැලියකදී ප්‍රශ්න කෙරිණි.

මධ්‍යවාර මැතිවරණයට පෙර රිපබ්ලිකන් සෙනෙට් සභික ජෝන් හස්ටඩ්ට සහාය දැක්වීම සඳහා චිලිකොති නගරයේ පැවති මෙම රැලියේදී විරෝධතාකරුවෙකු එප්ස්ටීන් සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් ප්‍රශ්න කර තිබුණි.

ඊට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් පැවසුවේ, මීට වසර 20කට පමණ පෙර එප්ස්ටීන් අමුතු පුද්ගලයෙකු ලෙස තමන්ට හැඟුණු බැවින් ඔහුව තම පෞද්ගලික සමාජ ශාලාවකින් ඉවත් කිරීමට පියවර ගත් බවයි. එය තමන් කළ නිවැරදි ක්‍රියාවක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එප්ස්ටීන් සම්බන්ධයෙන් තමන්ට කිසිදු වරදක් නොමැති බව අවධාරණය කළ ට්‍රම්ප්, එප්ස්ටීන් ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජිකයන් සමඟ ද කාලය ගත කළ අයෙකු බව සිහිපත් කළේය.

ජෙෆ්රි එප්ස්ටීන් 2019 වසරේදී ලිංගික ජාවාරම් චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයකට මුහුණ දෙමින් සිටියදී ෆෙඩරල් අත්අඩංගුවේ පසුවිය. පසුව ඔහු සියදිවි නසා ගත් බවට තීරණය විය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version