දිවයින පුරා තරුණ පරපුරේ ශක්තිය එක්රැස් කිරීමේ අරමුණින් සමාජවාදී තරුණ සංගමය විසින් ක්රියාත්මක කරනු ලබන ‘Youth Summit’ වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ලෙස මිහින්තලේ තරුණ සමුළුව පසුගිය ඔක්තෝබර් 25 වන දින පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නීතීඥ භාග්ය ශ්රී හේරත් මහතා සහ මිහින්තලේ ප්රාදේශීය සභාවේ සභාපති වයි.ජී. ධර්මදාස මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
එමෙන්ම, සමාජවාදී තරුණ සංගමයේ අනුරාධපුර දිස්ත්රික් සංවිධායක සංජය විශ්වනාත් මහතා සහ අදිටන සාමූහිකයේ දිස්ත්රික් කමිටු සාමාජික විශ්රාමික ලුතිනන් සංජීවනී විජේවත්ත මහත්මිය ඇතුළු විශාල තරුණ පිරිසක් මෙම සමුළුව සඳහා එක්ව සිටීම විශේෂත්වයකි.
රටේ අනාගතය වෙනුවෙන් තරුණ පරපුරේ දායකත්වය ලබාගැනීම සහ ඔවුන්ගේ අදහස් හුවමාරු කර ගැනීම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණ වී තිබේ.
