මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් වාතාවරණයත් සමඟ ඉන්ධන මිලෙහි හදිසි ඉහළ යාමක් වාර්තා වී තිබේ. මෙම ආර්ථික බලපෑම හේතුවෙන් ප්‍රමුඛ පෙළේ අඩු වියදම් ගුවන් සේවයක් වන Ryanair සමාගම තම ගුවන් ගමන් ගාස්තු ඉහළ නැංවීමට පියවර ගෙන ඇත.

ගුවන් ගමන් ගාස්තු වැඩි කිරීමට අමතරව තාවකාලික සේවක වැටුප් ද ඉහළ දැමීමට කටයුතු කරන බව එම සමාගම නිවේදනය කර තිබේ. පවතින තත්ත්වය මත වාර්ෂිකව ඉන්ධන සඳහා යුරෝ බිලියන 2 ක අමතර වියදමක් දැරීමට සිදුවනු ඇතැයි ඔවුන් පුරෝකථනය කර ඇත.

වැඩිවන ඉන්ධන පිරිවැය සරසා ගැනීම සඳහා ගාස්තු ඉහළ නැංවීම හැර වෙනත් විකල්පයක් නොමැති බව සමාගම පෙන්වා දෙයි. මෙම ඉන්ධන අර්බුදය හේතුවෙන් සැප්තැම්බර් මස අවසානය දක්වා වූ මාස හක කාලය තුළ සිය බදුවලට පෙර ලාභය සියයට 16 කින් පහත වැටී ඇති බවද වාර්තා වේ.

සමාගම සිය සමස්ත ඉන්ධන අවශ්‍යතාවයෙන් සියයට 80 ක ප්‍රමාණයක් කලින්ම ස්ථාවර මිලකට ඇණවුම් කර තිබුණි. එහෙත් ඉතිරි වන ඉන්ධන කොටස සඳහා අසාමාන්‍ය ලෙස දැවැන්ත වියදමක් දැරීමට සිදුව ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version