නුවරඑළිය දිස්ත්‍රික්කයට ඊයේ දිනයේ දී ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශයේ මහාමාර්ග රැසක් ජලයෙන් යටවී ඇතැයි වාර්තා වේ.

මේ අතර හැටන් ඔය පිටාර ගැලීමෙන් සැඩ පහරට හසුව ගසාගෙන ගිය ලොරි රථය මේ වන විට සොයාගෙන තිබේ.

මෙම අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නායයෑමක් ද සිදුව ඇති අතර, එමඟින් පැය දෙකක පමණ කාලයක් රමනාගමනයට බාධා එල්ල විය.

ප්‍රදේශයේ හැටන් ඔය පිටාර ගැලීම හේතුවෙන් පීලිඅතර ප්‍රදේශයේ නිවාස විස්සකට අධික ප්‍රමාණයකට හානි සිදුව ඇති බව ද වාර්තා වේ.

අපදා තත්ත්වයත් සමඟ අදාළ ප්‍රදේශවල මේ වන විට මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version