අනුරාධපුර – යාපනය ප්‍රධාන මාර්ගයේ රඹෑව ප්‍රදේශයේදී අද (10) පෙරවරුවේදී බස් රථ තුනක් එකිනෙක ගැටී බරපතල අනතුරක් සිදුවී තිබේ. මෙම අනතුරෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් සහ පෞද්ගලික බස් රථයක් මෙම අනතුරට ලක්ව ඇත. අද පෙරවරු 10.00ට පමණ මෙම අනතුර සිදුවූ බව පොලීසිය සඳහන් කරයි.

අනතුරෙන් තුවාල ලැබූ අනෙකුත් පුද්ගලයන් මේ වනවිට රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මැදවච්චිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

මෙම අනතුර හේතුවෙන් අනුරාධපුර – යාපනය ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වී තිබුණි. පොලීසිය විසින් මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු සිදුකරමින් පවතී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version