විසිහත් වැනි වරටත් සංවිධානය කරනු ලබන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන රාත්‍රිය අද (10) කොළඹදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව මෙම සම්මාන උළෙල සංවිධාන කර තිබේ.
ශ්‍රී ලංකා තොරතුරු කොමිසමේ කොමසාරිස්වරියක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී නීතිඥ කිශාලි පින්ටෝ ජයවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙන බව වාර්තා වේ.
මාධ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් දශක ගණනාවක් පුරා සිදු කළ සේවය අගයමින් මෙහිදී ප්‍රවීණ මාධ්‍යවේදීන් පස් දෙනෙකුට ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන විශේෂ සම්මානය පිරිනැමීමට නියමිතය. අශෝක ගුණතිලක, අනුර බණ්ඩාර රාජගුරු, චන්ද්‍රා ප්‍රනාන්දු, රොහාන් සරත් අබේවර්ධන සහ ආරියරත්න ගනේගොඩ යන මහත්වරුන් මෙවර එම සම්මානයෙන් පිදුම් ලබති.
පසුගිය 2025 වසරේදී මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්රයේ දස්කම් දැක්වූ ලේඛකයන්ගේ කෞශල්‍යය ඇගයීම මෙහි මූලික අරමුණ වී ඇත. දශක තුනකට ආසන්න කාලයක් පැවත එන මෙම සම්ප්රදාය යටතේ මෙවරද තරුණ මාධ්‍යවේදීන් ඇතුළුව මාධ්‍යවේදීන් 37 දෙනෙකු විවිධ අංශ යටතේ සම්මාන දිනා ගැනීමට නියමිතව තිබේ.
