Browsing: කොළඹ

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 16 (5) උපවගන්තියට අනුකූලව අදාළ වාර්තාව මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ශ්‍රී ලංකාව ලබා ඇති ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සිය ප්‍රසාදය පළ කර තිබේ.

වසර 2030 වන විට වැට් බදු අනුපාතය තනි ඉලක්කමකට අඩු කිරීම රජයේ අපේක්ෂාව බව බලධාරීන් පවසයි. බදු පදනම පුළුල් කිරීම සහ බදු අනුකූලතාව ඉහළ නැංවීම හරහා මෙය සාක්ෂාත් කර ගැනීමට සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකාව යළිත් වරක් ඉහළ මට්ටමේ මැදි ආදායම් ලබන රටක් ලෙස ලෝක බැංකුව විසින් වර්ගීකරණය කර තිබේ. කෙසේ වෙතත්, මෙම තත්ත්වය අඛණ්ඩව පවත්වා ගැනීමට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව එම ආයතනය පෙන්වා දෙයි.

උතුරු සහ නැගෙනහිර පළාත්වල ධීවර කර්මාන්තය සහ ජලජීවී වගා ක්ෂේත්‍රය නවීකරණය කිරීම සඳහා ලෝක බැංකුවේ සහාය ඇතිව ක්‍රියාත්මක REVIVE ව්‍යාපෘතියේ ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කෙරේ.

ආර්ථික ප්‍රතිසාධන වැඩසටහනේ ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්වූ අතර, එහි ප්‍රතිලාභ ජනතාවට සෘජුවම ලබාදීම රජයේ අවසාන අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී පුනරුත්ථාපනය වූ තරුණ තරුණියන් පෞද්ගලික අංශයේ රැකියා සඳහා යොමු කිරීමේ නව වැඩසටහනක් කර්මාන්ත අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආබාධ සහිත තරුණ තරුණියන් සඳහා රැකියා සහ ව්‍යවසායකත්ව අවස්ථා වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් විශේෂ වටමේස සාකච්ඡාවක් පවත්වා තිබේ.

මත්පැන් බෝතල් සඳහා යොදාගන්නා ආරක්ෂිත ස්ටිකර් වෙනුවට ඩිජිටල් ක්‍රමය භාවිත කළද, ඒ සඳහා වැයවන මුදලේ අඩුවක් සිදුවී නොමැති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.