Browsing: ලංකා ව්‍යාපාර

කඩවත, මංගඩ පාර ප්‍රදේශයේදී විදුලි කණුවක් අලුත්වැඩියා කිරීමට ගිය විදුලිබල මණ්ඩල සේවකයෙකු විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ලෝක ළමා දිනය නිමිත්තෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී දරුවන් වෙනුවෙන් විශේෂ සැමරුම් වැඩසටහන් මාලාවක් පැවැත්විණි.

මුතුරාජවෙල සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා ගුවන් යානා ඉන්ධන ප්‍රවාහනය සඳහා නව නල මාර්ගයක් ඉදිකිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (02) ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකාවේ ගුවන් ඉන්ධන සැපයුම් ජාලය නවීකරණය කරමින් මුතුරාජවෙල සිට කටුනායක දක්වා නව නළ මාර්ගයක් සහ ඉන්ධන ටැංකි ව්‍යාපෘතියක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන්ගේ සුභසාධනය සහ හදිසි තත්ත්වයන් කළමනාකරණය සඳහා නව ඒකාබද්ධ රාජ්‍ය යාන්ත්‍රණයක් අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කෙරිණි.

ජාතික ආරක්ෂක අරමුදල සහ ‘අපි වෙනුවෙන් අපි’ අරමුදල රණවිරු සේවා අරමුදල සමඟ ඒකාබද්ධ කිරීමේ හැකියාව පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ‘ශ්‍රී ලංකා සමාජ-ආර්ථික දත්ත 2026’ කලාපය මේ වන විට මහජනතාව සඳහා නිකුත් කර තිබේ.

කොළඹ ගාලු මුවදොර පිටියේදී 13 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනයට ලක්කළ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලා සිටී.

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට එක්වීමේදී පවතින වැටුප් ගැටලු විසඳීම සඳහා විශේෂ පාර්ලිමේන්තු අනුකාරක සභාවක් පත් කිරීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහනේ තවත් පියවරක් ලෙස, කොළඹ අතිරේක දිසා අධිකරණයේ විද්‍යුත් නඩු ගොනු කිරීමේ (e-Filing) පහසුකම අගවිනිසුරුතුමන්ගේ නිරීක්ෂණයට ලක්විය.