Browsing: ශ්‍රී ලංකාව

වත්මන් ගෝලීය අර්බුද සහ යුද ගැටුම් හමුවේ මුහම්මද් නබි නායකතුමාගේ දර්ශනය වෙන කවරදාටත් වඩා අදට වැදගත් වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පවත්වාගෙන යන බැංකු ගිණුම් 68ක් සහ පර්යේෂණ දීමනා ගෙවීමේදී සිදුවී ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) කරුණු විමසා තිබේ.

වත්මන් රජය යටතේ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සම්බන්ධයෙන් මහජනතාව තුළ යළි විශ්වාසය ගොඩනැඟී ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි.

මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික රෝගීන් සඳහා පෝෂ්‍යදායී සහ ආකර්ෂණීය ආහාර වේලක් ලබා දීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ.

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයට දේශීය හා ජාත්‍යන්තර පාර්ශ්ව රැසකින් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

නුවරඑළිය ග්‍රෙගරි වැවේ පවතින බෝට්ටු සේවා සම්බන්ධ ගැටලු විසඳීමට සහ ඒවා විධිමත් කිරීමට පියවර ගෙන තිබේ. එමෙන්ම වැවේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 25ක් වෙන් කර ඇත.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග බාධාවකින් තොරව පැවැත්වීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.