Browsing: ශ්‍රී ලංකාව

ගීතවල කතෘ භාගය සහ අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ප්‍රවීණ ගායන ශිල්පී චාමර වීරසිංහ සිය අදහස් පළ කරයි.

ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීර ප්‍රදේශයේ නීතිවිරෝධීව රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයන් 600ක් හඳුනාගෙන ඇති අතර ඉන් පිරිසක් මේ වන විට පිටුවහල් කර තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදාවලට ලක්ව නිවාස අහිමි වූ සහ අතිශය අවදානම් තත්ත්වයට පත්වූ පවුල් 237 ක් සඳහා නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළක් අද (07) ආරම්භ කෙරේ. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

අවිස්සාවේල්ල, ඉහළ තල්දූව ප්‍රදේශයේදී අසල්වැසි ඥාතියෙකු විසින් සිදුකළ පහරදීමකින් 58 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ ජාත්‍යන්තර ඇගයීම් ක්‍රියාවලියට ශ්‍රී ලංකාවේ සූදානම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

සෑම සති අන්තයකම ස්මාර්ට්ෆෝනය භාවිතය නතර කර සරල දුරකථනයකට මාරුවීමේ පුරුද්දක් ඇති කරගත් තරුණියක ඒ හරහා තම ජීවිතයට ලැබුණු වෙනස ගැන අදහස් දක්වයි.

පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් නිකවැරටිය, කන්දේගෙදර ප්‍රදේශයේ කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානයේ බලූචිස්තාන පළාත අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැනුම හා තාක්ෂණික අත්දැකීම් හුවමාරු කර ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය නිමිත්තෙන් කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේදී විශේෂ ආගමික දේශනාවක් පවත්වන ලදී.