Browsing: ශ්‍රී ලංකාව

බොලිවුඩ් රංගන ශිල්පිනී ෆාතිමා සනා ෂෙයික් තමන් වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය කරගත් රෙට්රෝ පෙනුමක් සහිත Royal Enfield යතුරුපැදියක් සමාජ මාධ්‍ය ඔස්සේ එළිදක්වා තිබේ.

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා මගීන්ගේ සහ රියදුරන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කරමින් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය සහ ගාලු සහෘදයෝ එක්ව සංවිධානය කරන ‘දක්ෂිණ පුනරුද’ සාහිත්‍ය කලා මහෝත්සවය ඔක්තෝබර් 09 සහ 10 යන දෙදින තුළ ගාල්ලේදී පැවැත්වේ.

මොළයේ ස්නායු පද්ධතිය පිළිබඳ පර්යේෂණ සිදු කළ විද්‍යාඥයින් තිදෙනෙකු 2026 වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබා තිබේ.

කරන්දෙණියේ සුද්දාගේ කල්ලියේ සාමාජිකයන් පස්දෙනකු ඝාතනය කිරීමට සූදානම් වූ පාතාල කුලී ඝාතකයන් දෙදෙනෙකු අවි ආයුධ සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර වෙත ළඟා වී තිබේ.

2026 වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය රුපියල් බිලියන 35.4ක අතිරික්තයක් වාර්තා කර ඇති බව මහ බැංකුව පවසයි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී නොසිටින්නේ නම්, ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබා ගැනීමට පියවර ගන්නා බව වාර්තා වේ.