Browsing: ශ්‍රී ලංකාව

කැනඩාවේදී දරුවෙකු ආසන පටි පැළඳීමට අකමැති වීම හේතුවෙන් ගුවන් යානයක් ආපසු හැරවීමට සිදුවීම ලෝකයේම අවධානයට ලක්ව තිබේ.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් කොළඹ අගරදගුරු පදවිය පූර්ණ සහයෝගීතාවයෙන් කටයුතු කරන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.

ලෝකයේ ප්‍රධාන පෙළේ තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ඉරානය එකඟ වුවහොත්, එරටට එරෙහි හමුදා ක්‍රියාමාර්ග අත්හැර දැමීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වන බව වාර්තා වේ.

මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ පැවති පාසල් ක්‍රිකට් තරගයකින් අනතුරුව විදුහල්පතිවරුන් දෙපළක් අතර ඇති වූ මතභේදාත්මක සිදුවීමක් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්ව තිබේ.

සමාජ මාධ්‍ය හරහා පුද්ගලයන් රවටා නිරුවත් ඡායාරූප සහ වීඩියෝ ලබාගෙන කප්පම් ලබාගන්නා ජාවාරමක් යළිත් ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

තිරප්පනේ ප්‍රදේශයේ පවුල් 1300කගේ පානීය ජල ගැටලුවට විසඳුම් ලබාදෙමින් නව ජල පිරිපහදු මධ්‍යස්ථානයක් යුද හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

දිවුලපැලැස්ස ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 88ක වියදමින් ඉදිකළ නවීන වී බීජ නිෂ්පාදන මධ්‍යස්ථානයක් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගාසා තීරය වෙනුවෙන් යෝජනා කළ කරුණු 15කින් සමන්විත සාම සැලැස්ම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙදිරිගිරිය ආසන බලමණ්ඩල සභාපතිවරයා ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.