Browsing: Featured

ජාතික ඒකාබද්ධතාවය ශක්තිමත් කිරීමේ අරමුණින් මොරටුව සහ කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල තරුණ තරුණියන් හුවමාරු කර ගැනීමේ වැඩසටහනක් ආරම්භ විය.

ඇපල් සමාගම විසින් සිය පළමු නැමිය හැකි ස්මාර්ට් ජංගම දුරකථනය එළිදැක්වීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ. එහිදී Face ID තාක්ෂණය වෙනුවට Touch ID හඳුන්වා දීමට ඉඩ ඇති බව පැවසේ.

වැල්ලවාය, හඳපානාගල ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් මියගිය වන අලියෙකුගේ සිරුරක් වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

ජිනීවාහිදී අද ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන කළ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණයේ 30 වන සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සාර්ථකව නිම කළ නිලධාරීන් සහ නාවිකයින් 33 දෙනෙකු වෙත නිල ලාංඡන පැළඳවීම පුත්තලම ගඟේවාඩිය මූලස්ථානයේදී සිදු කෙරිණි.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අධිකරණයේ ස්වාධීනත්වය බිඳ වැටෙන බවත්, එදා 20 වැනි සංශෝධනයට ඉල්ලූ ජනමත විචාරණය අද රජයට අමතක වී ඇත්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි.

බ්‍රසල්ස්හි පැවති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේදී මීටර් 89.04ක දක්ෂතාවක් දක්වමින් රුමේෂ් තරංග ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළීය.

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග හතරක් සාමූහිකව ජය ගැනීම සඳහා කලාපීය සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

වත්මන් ආණ්ඩුව විපක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මර්දනය කරමින් බලයේ රැඳී සිටීමට උත්සාහ කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.