Browsing: Featured

මුලතිව්, පුදුමාතලන් ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් නීතිවිරෝධී ලෙස අල්ලා ගබඩා කර තිබූ මසුන් කිලෝ 3200කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.

ගිනිකඳු පිපිරීමක් හේතුවෙන් දින ගණනාවක් වසා දමා තිබූ ඉන්දුනීසියාවේ ප්‍රධාන ගුවන් තොටුපළ ඇතුළු ගුවන් මධ්‍යස්ථාන කිහිපයක් යළි විවෘත කර ඇත.

ඉන්දියාවේ දුෂ්කර සහ ජලයෙන් වට වූ ප්‍රදේශවලට භාණ්ඩ බෙදාහැරීම සඳහා අභ්‍යන්තර ජල මාර්ග භාවිත කරමින් නව ලොජිස්ටික් ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.

ඉන්දියාව සහ ජපානය අතර ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට පැවැත්වෙන විස්සයි විස්ස තරගය සැප්තැම්බර් 22 වැනිදා ජපානයේදී පැවැත්වීමට නියමිතය.

ග්‍රෑන්ඩ්පාස්, සාලමුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් දෙකකට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආචාරධර්ම සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් පාකිස්තාන නායිකා ෆාතිමා සනාට දඩයක් නියම වී තිබේ.

චීනයේ පැවති මෝටර් රථ තරගාවලියක් අතරතුර අනතුරට ලක්ව ගිනිගත් රථයක සිටි ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු බේරා ගැනීමට නෙදර්ලන්ත රියදුරෙකු සමත් විය.