Browsing: Featured

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ ලබන 03 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.

යාපනය, නල්ලූර් ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ නිර්මාංශ ආපන ශාලාවකට අධික මිලට ජල බෝතල් අලෙවි කිරීම හේතුවෙන් අධිකරණය විසින් රුපියල් 950,000ක දඩයක් නියම කර තිබේ.

ඉන්දියාවේ ආහාර නිෂ්පාදනවල සීනි, ලුණු සහ මේදය අධික බව දැක්වෙන අනතුරු ඇඟවීමේ ලේබල් ඇලවීමේ සැලසුම ආහාර නිෂ්පාදන සමාගම්වල විරෝධය හමුවේ අඩපණ වී ඇති බව වාර්තා වේ.

ජාතීන් අතර මිත්‍රත්වය වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද තහවුරු කළ යුතු බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

ජාතික රෝහලේ හෘද සැත්කම් සඳහා පවතින දිගු පොරොත්තු ලේඛනය අවම කිරීමේ අරමුණින් ආරක්ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර නව ගිවිසුමක් අත්සන් කෙරිණි.

වේගයෙන් දියුණු වන ස්වයංක්‍රීය රිය පැදවීමේ තාක්ෂණය පාලනය කිරීම සඳහා චීනය විසින් නව නීතිමය රාමුවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කැනඩාව අතර පවතින වෙළඳ යුද්ධය උත්සන්න වීමත් සමඟ, එක්සත් ජනපදයට විදුලිය සැපයීම අත්හිටුවන බවට ඔන්ටාරියෝ ප්‍රාන්තය තර්ජනය කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආගමික හා සංස්කෘතික උරුමයන් අනාගත පරපුර වෙනුවෙන් දායාද කිරීමෙහිලා බැල්ලන්විල ඇසළ පෙරහැර වැනි උත්සව ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ශ්‍රී ලංකාවේ දූෂණ මර්දන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් නව සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සඳහා රැගෙන ආ අලි ඇතුන් සහ ඇත්ගොව්වන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් පස් දෙනෙකු රෝහල්ගත කර තිබේ.