Browsing: Featured

වයස අවුරුදු 75ක් වුවද ඉතා ක්‍රියාශීලීව යෝගා අභ්‍යාසවල නිරත වන ඉන්දීය මිත්තණියක පිළිබඳ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ.

දින 250කට අධික කාලයක් මුහුදේ රැඳී සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සේවය කරන නාවිකයන් දැඩි ආහාර හිඟයකට සහ මානසික පීඩනයකට මුහුණ දී සිටින බව වාර්තා වේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ධීවර ජනතාව මුහුණ දී ඇති ගැටලු සඳහා ප්‍රායෝගික විසඳුම් ලබාදීමේ අරමුණින් දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් පවත්වන ලදී.

ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටු සැසිය සඳහා අමාත්‍ය උපාලි පන්නිල මහතා ප්‍රමුඛ දූත පිරිසක් ජිනීවා බලා පිටත්ව ගොස් තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු MI-17 හෙලිකොප්ටර් යානා අලුත්වැඩියා කිරීම සඳහා ලබා දී ඇති ටෙන්ඩරය ක්‍රියාත්මක වීමේ ප්‍රමාදයක් පවතින බව වාර්තා වේ.

අභාවප්‍රාප්ත ප්‍රවීණ නිළි ශ්‍රීදේවිගේ ජන්ම සංවත්සරය නිමිත්තෙන් ඇයව සිහිපත් කරමින් ප්‍රියංකා චොප්රා විශේෂ සටහනක් තබා තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ නඩු විභාගය කඩා වැටීමට ඉඩ නොතබන බවත්, ජනතාවට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් ඕනෑම අවදානමක් ගැනීමට තමන් සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට නීතිවිරෝධී ගිනි අවි 80,000ත් 100,000ත් අතර ප්‍රමාණයක් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඉන්දීය ටෙස්ට් තරගාවලිය සඳහා නිරෝෂන් දික්වැල්ලව හදිසියේ සංචිතයට කැඳවීම සම්බන්ධයෙන් ක්‍රිකට් තේරීම් කමිටුවට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වෙමින් පවතී.