ඇමරිකාව සහ ඉරානය අතර පවතින යුද ගැටුම් හේතුවෙන් මැදපෙරදිග කලාපයේ උණුසුම්කාරී වාතාවරණයක් නිර්මාණය වී තිබේ. යුද්ධය අවසන් කිරීම සඳහා දෙරට අතර ගිවිසුමකට එළඹීමට ආසන්න බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළද, ඉරාන විදේශ අමාත්‍යාංශය එවැනි එකඟතාවක් තවමත් ස්ථිර වී නොමැති බව පවසයි.

පසුගිය දින කිහිපය තුළ ඇමරිකානු හමුදාව විසින් ඉරානය ඉලක්ක කර ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරනු ලැබීය. ඊට ප්‍රතිචාර ලෙස ඉරාන ආරක්ෂක හමුදා විසින් මැදපෙරදිග පිහිටි ඇමරිකානු කඳවුරු ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති අතර, හෝමූස් සමුද්‍ර සන්ධියද වසා දැමීමට පියවර ගෙන තිබේ.

මේ අතර, හෝමූස් මුහුදේදී ඉරාන වරායන් වෙත යාත්‍රා කළ නෞකා තුනකට ඇමරිකානු හමුදාව විසින් ප්‍රහාර එල්ල කර ඇත. මෙම සිදුවීම්වලදී ඉන්දීය ජාතිකයන් රැගත් නෞකා ඉලක්ක වී ඇති අතර, ඉන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ලෝක බැංකුව අනතුරු අඟවන්නේ මෙම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ගෝලීය ආර්ථික වර්ධන වේගය කොවිඩ් වසංගතයෙන් පසු වාර්තා වූ මන්දගාමී මට්ටමටම පත්විය හැකි බවයි. බලශක්ති මිල ඉහළ යාම සහ උද්ධමනය වැනි සාධක ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version