පොසොන් පුන් පොහෝ දිනය වෙනුවෙන් දිවයින පුරා ගව ඝාතකාගාර වසා තැබීමට රජය පියවර ගෙන තිබියදී, එම නියෝගය උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස මී ගවයන් ඝාතනය කළ ස්ථානයක් මහබාගේ ප්‍රදේශයේදී වටලනු ලැබීය.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායට ලැබුණු රහසිගත තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී ප්‍රධාන සැකකරුවන් සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය එම ස්ථානය වටලන අවස්ථාවේදී මී ගවයන් 13 දෙනෙකු සහ එළහරක් පැටියෙකු ඝාතනය කර තිබූ අතර, මරා දැමීමට සූදානම් කර සිටි තවත් මී ගවයෙකු බේරා ගැනීමට නිලධාරීන්ට හැකි විය. එම ස්ථානයේ තිබී කිලෝග්‍රෑම් 5000කට අධික මස් තොගයක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ, පොසොන් පොහොය දිනට කොළඹ සහ ඒ අවට ප්‍රධාන පෙළේ හෝටල් සහ ආපන ශාලාවලට සාමාන්‍ය හරක් මස් ලෙස මෙම මී ගව මස් අලෙවි කිරීමට සැලසුම් කර තිබූ බවයි.

පාරිභෝගිකයන් නොමඟ යවමින් සිදුකළ මෙම ජාවාරම පිළිබඳව වැඩිදුර විමර්ශන මහබාගේ පොලිසිය විසින් සිදුකරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version