කුවේට් සහ බහරේන් රාජ්‍යයන් තුළ පිහිටි ප්‍රධාන පෙළේ අමෙරිකානු හමුදා කඳවුරු සහ ආරක්ෂිත ස්ථාන 8ක් ඉලක්ක කර ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව විසින් දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇත. මෙම ප්‍රහාරය තමන් වෙත එල්ල වූ මිලිටරි බලපෑම්වලට ප්‍රතිචාරයක් ලෙස සිදුකළ බව එම හමුදාව නිල වශයෙන් නිවේදනය කරයි.

පසුගිය දිනවලදී අමෙරිකානු පාර්ශවයේ මැදිහත්වීමෙන් ඉරාන දේශසීමා ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරවලට සෘජු ප්‍රතිචාරයක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගත් බව ඉරාන බලධාරීන් පවසයි.

මේ අතර, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා බටහිර රටවලට හිතවාදී ඕනෑම වාණිජ හෝ මිලිටරි නෞකාවකට එරෙහිව දැඩි සන්නද්ධ ක්‍රියාමාර්ග ගන්නා බවට ද ඉරානය අනතුරු අඟවා තිබේ.

මෙම යුදකාමී වාතාවරණය හේතුවෙන් කුවේට් සහ බහරේන් ආරක්ෂක අංශ සිය රටවැසියන්ට හදිසි දැනුම්දීමක් සිදුකර ඇත. සිය ගුවන් ආරක්ෂක පද්ධති මගින් මිසයිල ප්‍රහාර මැඩපැවැත්වීමට උත්සාහ දරන බැවින්, සිවිල් ජනතාව ආරක්ෂිත භූගත බංකර් සහ ආරක්ෂිත මධ්‍යස්ථාන තුළ රැඳී සිටින ලෙස බලධාරීන් උපදෙස් ලබා දී තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version