කිලිනොච්චිය පොලිස් වසම තුළ සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුමකදී රථවාහන නීති උල්ලංඝනය කරමින් ධාවනය කළ යතුරුපැදි 30ක් සහ ටිපර් රථ 20ක් පොලිස් භාරයට ගැනීමට පියවර ගෙන ඇත.

මෙම මෙහෙයුම පසුගිය 27 සහ 28 යන දෙදින තුළ කිලිනොච්චිය පොලිසියේ රථවාහන අංශය විසින් ක්‍රියාත්මක කර තිබුණි.

අදාළ රථවාහන අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇත්තේ රථවාහන බලපත්‍ර නොමැති වීම, නිසි ලේඛන නොමැති වීම, අංක තහඩු නොමැතිව ධාවනය කිරීම සහ අනතුරුදායක ලෙස රථවාහන ධාවනය කිරීම වැනි නීති විරෝධී ක්‍රියාවන්ය.

මහජනතාවට අපහසුතාවක් වන අයුරින් සහ රථවාහන නීති නොතකා කටයුතු කරන රියදුරන්ට එරෙහිව ඉදිරි දිනවලදීත් මෙවැනි වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. අත්අඩංගුවට ගත් රථවාහන සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version