රජයේ සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් සෞඛ්‍ය කාර්ය සහායක තනතුර සඳහා බඳවා ගත් 627 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කිරීම මරදාන ටවර් පරිශ්‍රයේදී අද (04) සිදු කෙරිණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
මෙම බඳවා ගැනීම් කිසිදු දේශපාලන ලැයිස්තුවක් හෝ බාහිර බලපෑමක් නොමැතිව, විධිමත් සම්මුඛ පරීක්ෂණ ක්‍රමවේදයක් ඔස්සේ සිදු කළ බව අමාත්‍යවරයා අවධාරණය කළේය. අතීතයේ පැවති දේශපාලන මැදිහත්වීම් මත පත්වීම් ලබාදීමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වෙනස් කර, විනිවිදභාවයෙන් යුතුව සුදුසුකම් මත පමණක් පදනම්ව මෙම පිරිස තෝරා ගෙන ඇත.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පළ කළ පුවත්පත් දැන්වීම සඳහා අයදුම්පත් 91,473ක් ලැබී තිබූ අතර, ඉන් සුදුසුකම් ලත් අයදුම්කරුවන් අතරින් මෙම පිරිස තෝරා ගත් බව අමාත්‍යාංශය පවසයි. බඳවා ගත් සේවකයින් බස්නාහිර පළාතේ රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමට නියමිතය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ රාජ්‍ය සේවයේ විනය සහ වෘත්තීයභාවය සම්බන්ධයෙන් රජය දැඩි ප්රතිපත්තියක සිටින බවයි. පත්වීම් ලැබූවන් සඳහා ඉදිරි දිනවලදී විශේෂ පුහුණු වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරේ. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
