ලේක්හවුස් ආයතනයේ සේවය කළ සේවකයින් 66 දෙනෙකුට ස්ථිර සේවයේ පත්වීම් ලිපි ලබා දීම පසුගියදා (17) ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ආයතන ඉතිහාසයේ ප්‍රථම වරට මෙතරම් විශාල පිරිසකට එකවර ස්ථිර පත්වීම් ලබා දීම විශේෂ සිදුවීමක් ලෙස සැලකේ.
මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය සහ ලේක්හවුස් සභාපති ගාමිණි වරුෂමාන මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් සහභාගී වූහ.
පත්වීම් ලැබූ සේවකයින් වෙත සිය සුබ පැතුම් එක් කළ බලධාරීන්, ආයතනයේ ඉදිරි ගමන වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය අගය කළහ.
