බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, බෝව වත්ත ප්‍රදේශයේ නායයෑම් අවදානමට ලක්ව සිටින පවුල් වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘතියක් සඳහා මුල්ගල් තැබීම පසුගියදා සිදු කෙරිණි. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවිණි.
“මලෛයග මහිල්ච්චි” වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ නායයෑම් අධි අවදානම් කලාපවල ජීවත්වන වතු ජනතාවට සුරක්ෂිත සහ ස්ථිර නිවාස පහසුකම් සලසා දීමයි. ඒ අනුව, අවදානමට ලක්ව සිටින පවුල් 19ක් සඳහා නිවාස 19ක් ඉදිකිරීමට නියමිතව ඇත.
රජය විසින් එක් නිවාස ඒකකයක් සඳහා රුපියල් ලක්ෂ 28ක මුදලක් වෙන් කර ඇති අතර, යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් අමතරව රුපියල් ලක්ෂ 4ක ප්‍රතිපාදන ද ලබා දී තිබේ.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රතිලාභී ජනතාව එක්ව සිටියහ. මෙම ව්‍යාපෘතිය හරහා වතු ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවමින් සුරක්ෂිත ප්‍රජාවක් ගොඩනැඟීම රජයේ අපේක්ෂාවයි.
