වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජනතාවට ලබාදුන් පොරොන්දු කිසිවක් ඉටු කර නොමැති බවත්, මේ වන විට රටේ ව්‍යවසායකයන් ඇතුළු සෑම පාර්ශ්වයක්ම දැඩි අසීරුතාවකට පත්ව ඇති බවත් සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. කෝට්ටේ පැවති ව්‍යවසායක හා ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
පසුගිය මැතිවරණ සමයේදී දේශපාලන වේදිකාවල විවිධ ප්‍රකාශ සිදු කරමින් ජනතාවගේ විශ්වාසය දිනාගත් ආණ්ඩුව, බලයට පත්වීමෙන් පසු එම පොරොන්දු අමතක කර දමා ඇති බව ජයවීර මහතා පෙන්වා දෙයි. විශේෂයෙන්ම රටේ ව්‍යවසායකයන් දිරිමත් කරනවා වෙනුවට, ඔවුන්ගේ ව්‍යාපාර කටයුතුවලට බාධා වන අයුරින් ප්‍රාදේශීය බලධාරීන් කටයුතු කිරීම කණගාටුදායක බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාකාරකම් සහ ප්‍රකාශයන් රටේ ගෞරවයට හානි පමුණුවන බව ද අවධාරණය කළේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විදේශීය රටවල් පවා විමර්ශන පවත්වා නීතිමය පියවර ගනිද්දී, වත්මන් ආණ්ඩුව එම කරුණු දෙස බලන ආකාරය පිළිබඳව ඔහු සිය අප්‍රසාදය පළ කළේය.
රටේ ආර්ථිකය ගොඩනැගීමට නම් ව්‍යවසායකයන්ට නිසි ඇගයීමක් සහ සහයෝගයක් ලබා දිය යුතු බවත්, වත්මන් පාලනය තුළ එවැනි වැඩපිළිවෙළක් දක්නට නොමැති බවත් දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
