2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදීම සහ අයුතු ලෙස සිරකර තැබීම සම්බන්ධයෙන් වරදකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ගොනු කර තිබූ අභියාචනා පෙත්සම කැඳවනු ලැබීය.

කොළඹ මහාධිකරණය විසින් ඇයට පනවා තිබූ වසර තුනක බරපතළ වැඩ සහිත සිර දඬුවම බලරහිත කර තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඇය මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණි.

අදාළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද දින කැඳවූ අවස්ථාවේදී එය විභාගයට ගන්නා දිනයක් අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඉදිරිපත් කළ මෙම අභියාචනා පෙත්සම එළඹෙන අගෝස්තු මස 06 වනදා විභාගයට ගැනීමට නියමිත බව වාර්තා වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version