දෙරණ 60 ප්ලස් රියැලිටි වැඩසටහනේ පළමු අදියරේ ජනප්‍රියම තරුව ලෙස ප්‍රේක්ෂක ආදරය දිනාගත් බෙන්තරගේ ආරියවංශ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මියයන විට ඒ මහතා 70 වන වියේ පසු විය. හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (06) අලුයම ඒ මහතා ජීවිතක්ෂයට පත්ව තිබේ.

කහටගස්දිගිලිය, කෝන්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි ආරියවංශ මහතාගේ දේහය මේ වන විට ඔහුගේ නිවසේ තැන්පත් කර ඇත.

ඒ මහතාගේ අවසන් කටයුතු හෙට (07) කහටගස්දිගිලිය කෝන්වැව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version