මීගමුව බන්ධනාගාරය තුළ පසුගිය 6 වනදා ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයකදී රැඳවියන්ගේ අමානුෂික ප්‍රහාරයට ලක්ව මියගිය බන්ධනාගාර විශේෂ උපක්‍රමික ඒකකයේ නිලධාරීන් හත්දෙනාගේ දේහයන් අද (08) උදෑසන වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබීය.

මෙම නිලධාරීන්ගේ දේහයන් රථ පෙරහැරකින් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය වෙත රැගෙන ආ අතර, එහිදී ඔවුන් වෙත අවසන් ගෞරව දැක්වීමට කටයුතු සූදානම් කර තිබුණි.

අවසන් ගෞරව දැක්වීමේ කටයුතු අවසන් වීමෙන් අනතුරුව, එම නිලධාරීන්ගේ දේහයන් ඔවුන්ගේ පවුල්වල ඥාතීන් වෙත භාරදීමට නියමිත බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය දිනෙක මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ මෙම ගැටුම හේතුවෙන් බන්ධනාගාර විශේෂ උපක්‍රමික ඒකකයේ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් පිරිසක් ජීවිතක්ෂයට පත්වීම රටේම කම්පනයට හේතු වූ සිදුවීමක් විය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version