හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනු කර ඇති නඩුවක් අද (08) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතය.

ජනාධිපති ධුරය දැරූ සමයේදී සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධාන උත්සවයකට සහභාගි වීම සඳහා ලන්ඩන් බලා යාමේදී රජයේ මුදල් අවභාවිත කළ බවට මෙම නඩුවෙන් චෝදනා එල්ල වී ඇත.

මීට පෙර මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කල්මැරීමකින් තොරව කඩිනමින් අවසන් කර අධිකරණයට වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.

එමෙන්ම, සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් කරුණු පවතින්නේ නම් කඩිනමින් අධි චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා ලෙසද අධිකරණය විසින් උපදෙස් ලබා දී තිබූ බව වාර්තා වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version