කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 71 දෙනෙකුට ඩෙංගු රෝගය වැළඳී ඇති බවත්, ඉන් සිසුන් පස් දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා පවසයි.

වාර්තා වී ඇති රෝගීන්ගෙන් බහුතරයක් ශාස්ත්‍ර පීඨයට අයත් සිසුන් වීම හේතුවෙන්, ඔවුන්ගේ අධ්‍යයන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සතියක කාලයක් අදාළ පීඨවල දේශන ඔන්ලයින් සහ හයිබ්‍රිඩ් ක්‍රමයට සිදු කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

විශ්වවිද්‍යාලය වසා දැමීමක් සිදු නොවන බවත්, එවැනි තීරණයක් ගැනීමට බලාපොරොත්තුවක් නොමැති බවත් උපකුලපතිවරයා අවධාරණය කරයි. දැනට විශ්වවිද්‍යාලය තුළ පවතින තත්ත්වය පාලනය කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත්, උණ රෝගී ලක්ෂණ සහිත සිසුන් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත්, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසත් උපකුලපතිවරයා සිසුන්ගෙන් ඉල්ලා සිටී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version