අගෝස්තු 18 වන දින සිට කොළඹ සහ වියට්නාමයේ හෝ චි මිං නගරය අතර සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට සූදානම් වන වියට්ජෙට් (Vietjet) ගුවන් සමාගම, සිය ආයතනික සංස්කෘතිය වෙනුවෙන් ජාත්‍යන්තර ඇගයීමට ලක්ව ඇත.

HR Asia Awards 2026 සම්මාන උළෙලේදී අඛණ්ඩව හයවන වරටත් ‘ආසියාවේ සේවය කිරීමට සුදුසුම සමාගම්’ (Best Companies to Work For in Asia) අතරට එක්වීමට වියට්ජෙට් සමත් විය. මීට අමතරව, සමාගම විසින් ප්‍රථම වරට HR Asia Diversity, Equity & Inclusion (DE&I) සම්මානය ද දිනාගෙන තිබේ.

සේවකයන්ගේ විවිධත්වය අගයමින් සහ ඔවුන්ට සමාන අවස්ථා ලබා දෙමින් ගොඩනගා ඇති ශක්තිමත් ආයතනික පරිසරය මෙම ජාත්‍යන්තර ඇගයීම් සඳහා හේතු වී ඇත. දැනට රටවල් 68කට අධික සංඛ්‍යාවක සේවකයන් 10,000කට වැඩි පිරිසක් වියට්ජෙට් සමාගම යටතේ සේවය කරති.

සිය සේවකයන්ගේ වෘත්තීය දියුණුව වෙනුවෙන් Victoria Aviation Academy (VIAA) හරහා ගුවන් සේවා පුහුණුව සහ නායකත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද සමාගම පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා වෙළෙඳපොළට පිවිසීමට ආසන්න මොහොතක ලැබුණු මෙම ජාත්‍යන්තර පිළිගැනීම, එම සමාගමේ ගෝලීය ශක්තිය තහවුරු කරන්නක් බව වාර්තා වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version