ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයට නව මාවතක් විවර කරමින්, මැණික් ගල්වල සැබෑ අනන්‍යතාව සහ වටිනාකම ඉහළ නිරවද්‍යතාවකින් තහවුරු කළ හැකි නවීන තාක්ෂණික මෙවලමක් හඳුන්වා දී තිබේ. මැණික් විද්‍යාඥ මිලින්ද එදිරිසිංහ මහතා විසින් නිර්මාණය කරන ලද මෙම ‘ඩිජිටල් වර්ණාවලි විශ්ලේෂණ පද්ධතිය’ (Digital Spectrum Analysing System) කෘත්‍රිම බුද්ධිය සහ නවීන තාක්ෂණය ඒකාබද්ධ කරමින් නිපදවා ඇත.
මෙම උපකරණය මගින් මැණික් ගලක අවශෝෂක වර්ණ (Absorption Colors) පදනම් කරගෙන ඉතා පැහැදිලි වර්ණාවලි දත්ත ලබා ගනී. පරීක්ෂා කරන මැණික් නියැදියේ දත්ත කෘත්‍රිම බුද්ධි පද්ධතියට ඇතුළත් කිරීමෙන්, මිනිත්තු කිහිපයක් ඇතුළත එම ගල පිළිබඳ පුළුල් සහ විශ්වාසදායක තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතී.
සාම්ප්‍රදායික මැණික් පරීක්ෂණ ක්‍රමවලදී සිදුවිය හැකි මානව දෝෂ මෙම නව තාක්ෂණය මගින් අවම කර ඇති බව නිර්මාණකරු පවසයි. ජංගම දුරකථනයකට සම්බන්ධ කර ඕනෑම ස්ථානයකදී භාවිත කළ හැකි මෙම උපකරණය, ව්‍යාජ මැණික් හෝ රසායනිකව ප්‍රතිකාර කළ මැණික් හඳුනාගැනීමට මහත් පිටුවහලක් වනු ඇත.
මැණික් වෙළෙඳපොළ තුළ පවතින විශ්වාසය යළි ගොඩනැගීමට මෙම නව නිපැයුම ඉවහල් වනු ඇති බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති. වසර ගණනාවක පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස බිහිවූ මෙම නිර්මාණය, ජාත්‍යන්තර මට්ටමේ මැණික් ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවට නව ශක්තියක් වනු නොඅනුමානය.
