අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතය සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමුව තිබේ.

වාර්තා වන පරිදි, මෙම රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයෙන් අක්කර 50ක භූමි ප්‍රමාණයක් රක්ෂිතයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. එම ඉඩම්වලින් අක්කර 8ක භූමි ප්‍රමාණයක් පාසිකුඩා ප්‍රදේශයේ ක්‍රියාත්මක වන මාලදිවයිනට අයත් සංචාරක හෝටල් සමාගමකට ලබා දීමට සැලසුම් සකස් කර ඇති බව සඳහන් වේ.

පාරිසරික වශයෙන් වැදගත් වන මෙවැනි රක්ෂිත භූමි සංචාරක ව්‍යාපෘති සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට විවිධ පාර්ශ්වයන්ගේ අවධානය යොමුව ඇති අතර, එම ඉඩම් ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳව වැඩිදුර තොරතුරු ඉදිරියේදී අනාවරණය වනු ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version