හිටපු හොරණ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීනි රේනුකා දමයන්ති මහත්මිය වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඇය පිටකොටුවේ රෙදි පිළි ව්‍යාපාරිකයින් හය දෙනෙකු රවටා රුපියල් කෝටි 16කට ආසන්න මුදලක් වංචා කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
සැකකාරිය අදාළ ව්‍යාපාරිකයින්ට අගරු චෙක්පත් ලබා දී ඇති අතර, දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන් මගහරිමින් සිට ඇත. පසුගිය දිනක ඇය සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ සිටියදී ව්‍යාපාරිකයින් පිරිසක් ඇයව හමුවීමට යාමෙන් එහි උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබුණි.
පසුව මිරිහාන පොලීසිය විසින් ඇයව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වත්තල පොලීසිය වෙත භාර දීමට කටයුතු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරිය වත්තල වැඩබලන මහේස්ත්‍රාත් මෙරිල් බොතේජු මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 21 වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
